අන්තර්ජාලයේ ........


ඇඩ්වෙයා [Adware]
මෙය එක් වරක් පරිඝණකයට ස්ථාපිත වූ පසු විවිධ වෙළඳ ප්‍රචාරණවලට අපේ පරිඝණකය නිරාවරණය කරන වැඩසටහනක්.

බ්ලැක් හැට් [BlackHat]
මෙනමින් හැඳින්වෙන්නේ අපරාධ කිරීමේ අරමුණින් තමන්ගේ හැකියාවන් පෙන්වන හැකර්කරුවන්ය.

බොට්නෙට් [BotNet]
අන්තර්ජාලය හරහා විශේෂ පාලන පද්ධතියක් සාදා ගෙන,එයට වෙනත් පරිඝණක දහස් ගණනක් ඈදා ගෙන ඒවා තනි පුද්ගලයෙකුගේ අණසකට යටත් කර ගෙන පාලනය කරන ක්‍රමයක්.මෙසේ හසුරුවන්නා 'බොට්නෙට් හාඩර් [BotNet Hader]' නමින් හඳුන්වනවා.

කාඩර් [Kader]
ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරා ගෙන, ඒවා විකුණන පුද්ගලයන් මේ නමින් හඳුන්වනවා.

ඩීඩෝස් [DDOS]
මෙහි තේරුම 'Distributed Debial of Service ' යන්නයි.මෙහිදීත් බොට්නෙට් එකක් හදාගෙන සියලු තොරතුරු සර්වර් එකකට යවා අමාරුවේ දැමීමේ ක්‍රමයක්.

ඩ්‍රයිව් බයිස් [Drive Bys]
වෙබ් අඩවියකට යන විට ඉබේම ඉන්ස්ටෝල් වෙන ලෙස සකස් කරලා තියෙන වැඩසටහනක්.

මැල්වෙයා [Mal ware]
විනාශකාරී වැඩසටහන් හඳුන්වන පොදු නමක්.

ෆිෂිං [Phishing]
බැංකු,ක්‍රෙඩිට් කාඩ් ආයතනවල නම් වලින් ව්‍යාජ ලෙස ඉ-මේල් එවා තොරතුරු සොරා ගන්නා ක්‍රමයයි.

ස්ක්‍රිප්ට් කීඩ් [Script Kiddie]
එතරම් දක්ෂ නැති හැකර්වරුවන් මෙසේ හඳුන්වනවා.

ස්පයිවෙයා[Spyware]
පරිඝණකයේ ඉන්ස්ටෝල් වූ පසු එහි ඇති රහස් තොරතුරු වෙනත් පාර්ශවයන්ට යවන විනාශකාරී වැඩසටහන්ය.

ට්‍රොජන් [Trojan][Spyware]
මතුපිටින් එතරම් කරදරයක් නැත.නමුත් ක්‍රියාත්මක වීමේදී විනාශකාරීව හැසිරෙන වැඩසටහනකි.

වර්ම් [Worm]
වයිරසයක සමාන සංස්ලේෂණය වන විනාශකාරී වැඩසටහනකි.නමුත් වයිරස් වලය 100%ක්ම සමාන නැත.

ෆාමිං [Pharming]
විනාශකාරී පුද්ගලයන් විසින් වෙබ් අඩවි වලට පිවිසීමේදී වෙනත් වෙබ් අඩවි වෙත හරවා යවා තදබදයක් ඇති කිරීම මෙසේ හඳුන්වනවා.

මේ සියලු දෑ සිදුවන්නේ අන්තර්ජාලය ඇසුරෙනි