මූලික Hardware දැනුම

මෙම ලිපියෙන් ඉටුවෙන ප්‍රධාන කාර්ය්‍යනම් පරිගනකයේ Hardware පිලිබද යම් අවබෝධයක් ඔබට ලබාදීමය. හරි අපි මුල ඉදන් ඉගෙනගමු.

මවුපුවරුව | Motherboard
▔▔▔▔▔▔▔▔▔▔

පුද්ගල පරිඝනකයක මවුපුවරුව යනු එහි මධ්‍යයේ පිහිටි මුද්‍රිත පරිපථ පුවරුවයි. බොහෝ වත්මන් පරිඝනක වල මවුපුවරුව පර්යන්තයේ පද්ධතියට අත්‍යාවශ්‍ය උපාංග වලට සම්බන්ධක සපයමින් ඒවා දරා සිටියි.මවුපුවරුව ඇතැම් විට ප්‍රධාන පුවරුව ලෙසත් පද්ධති පුවරුව ලෙසත් ඇපල් වර්ගයේ පරිඝනක වලදී තාර්කික පුවරුව ලෙසත් හඳුන්වයි.


මේසය මත තබන ක්ෂුද්‍ර පරිඝනක මවුපුවරුවක්, මවුපුවරුවක දර්ශීය සංරචක හා අතුරුමුහුනත් දැක්වේ. මෙම මාදිලිය 2008 දී නිමැවුනු අතර මේසය මත තබන ක්ෂුද්‍ර පරිඝනක භාවිතාකරන ATX වින්‍යාසය ("ආකෘති සාධකය"ලෙස හඳුන්වයි) අනුගමනය කරයි. AMD සමාගමේ Athlon 64සැකසුම් ඒකකයසමග වැඩ කිරීම සඳහා නිපැයිනි.

මවුපුවරුවේ ඉතිහාසය - ක්ෂුද්‍ර සකසනය සොයාගැනීමට පෙර බොහෝ විට පරිඝනකය මහා පරිඝනක වූ අතර විවිධ සංරචක සම්බන්ධ වීමට එකිනෙකට කම්බි මගින් සම්බන්ධ විවරයන් සහිත පසුතලයක් ඇතිව පත්‍රක කූඩුවක් විය. ඉතා පැරණි සලසුම්වල පත්‍රක සම්බන්ධක කූරු අතර ව්‍යක්ත සම්බන්ධක ලෙස කම්බි භාවිතා වුවද මුද්‍රිත පරිපථ පුවරු ඉක්මනින්ම සම්මතය බවට පත්විය.මධ්‍යම සැකසුම් ඒකකය, මතකය හා පර්යන්ත උපාංග පසුතලයට සම්බන්ධ වූ තනි තනි මුද්‍රිත පරිපථ පුවරු ලෙස නිමැවිණි. 


මධ්‍යම සැකසුම් ඒකකය | CPU
▔▔▔▔▔▔▔▔▔▔▔▔

මධ්‍යම සැකසුම් ඒකකයක් (CPU) නැතහොත් සකසනයක් යනු පරිගණක ක්‍රමලේඛ ක්‍රියා කරවිය හැකි තාර්කික යන්ත්‍රයකි. මෙම පුළුල් විග්‍රහය CPU පුළුල් ලෙස භාවිත වීමට පෙර විශාල ප්‍රමාණයෙන් පැවති මුල් පරිගණක රැසකටම පහසුවෙන් යෙදාගත හැකි වේ. අවම වශයෙන් 1960 දශකයේ පටන්වත් මෙම යෙදුම සහ එහි භාවිතයන් පරිගණක ක්ෂේත්‍රය තුළ භාවිත විය. CPU වල ආකාරය , නිර්මාණය හා ක්‍රියාත්මක කිරීම පෙර නිදසුන්වල සිට චමත්කාරජනක ලෙස වෙනස් වී ඇති නමුත් ඒවායේ මූලික ක්‍රියාකාරකම් බොහෝ දුරට සමාන ලෙස පවතී.

මුල් කාලීන CPU සාමාන්‍යයෙන් එක් වර්ගයක පරිගණකයකට වූ විශාල කොටසක් ලෙස නිර්මාණය කෙරුණි. කෙසේ නමුත් විශේෂ අවශ්‍යතා සඳහා භාවිතාවන CPU නිර්මාණය කිරීමේ ‍මෙම මිළ අධික ක්‍රමය තනි හෝ වඩා වැඩි අරමුණු සදහා සුදුසු වන සැකසුම් (Processors) නිෂ්පාදනය පුළුල් වීමට මාර්ගය සැකසුවේය. විවික්ත ට්‍රාන්සිස්ටර, සුපිරි පරිගණකසහ මිනි පරිගණක යුගයේ ක්‍රමයෙන් මෙම ප්‍රමතකරණ ක්‍රියාදාමය ආරම්භ වූ අතර සංගෘහිත පරිපථ ප්‍රචලිත වීමත් සමඟ එය වඩාත් සීඝ්‍ර තත්වයට පත් විය. CPU වල කුඩාකරණය හා ප්‍රමිතිකරණය යන දෙක, ගණනය කිරීමේ යන්ත්‍රවල සීමාකාරී භාවිතයෙන් පිටතට ගොස් නවීන ජීවිතයේ මෙම අංකිත උපකරණ භාවිතා කිරීම වර්ධනය කර තිබේ. නවීන ක්ෂුද්‍ර සකසනය (Micro Processor) මෝටර් රියවල සිට ජංගම දුරකතන හා සෙල්ලම් බඩු දක්වා වූ සෑම දේකම භාවිතා වේ.


මධ්‍යම සැකසුම් ඒකකයෙහි (CPU) ඉතිහාසය - වර්තමානයේ පවත්නා මධ්‍යම සැකසුම් ඒකක (CPU) ඇති පරිගණක වල තත්ත්වයට පැමිණීමට පෙරාතුව, ENIAC ආදී පරිගණක එකිනෙකට වෙනස් කටයුතු සිදු කිරීම සඳහා නැවත නැවත භෞතික රුහැන්ගත කිරීමට සිදුවිය. මෙම පරිගණක බොහෝවිට “ස්ථාවර ක්‍රම ලේඛිත පරිගණක” ලෙස හඳුන්වනු ලැබුවේ ‍ඒවා හැමවිටම එකිනෙකට වෙනස් වැඩසටහන් ධාවනය කිරීම වෙනුවෙන් භෞතිකව නැවත හැඩගැස්මක් කළ යුතු වු නිසාය. “මධ්‍යම සැකසුම් ඒකකය (CPU)” යන යෙදුම පොදුවේ මෘදුකාංග (පරිගණක ක්‍රමලේඛ) ක්‍රියාකරවීමට නිපදවා ඇති උපකරණයක් ලෙස සලකන බැවින්, මධ්‍යම සැකසුම් ඒකකය(CPU) ලෙස නිරවද්‍යවම හඳුන්වා දියහැකි මුලිකම උපකරණය ‍සහිත ක්‍රමලේඛ පරිගණකවල ආගමනයත් සමඟ කරළියට පිවිසියේය. ආචිත ක්‍රමලේඛ (stored-program) පරිගණකයේ අදහස් ENIAC සැලසුම් කරන විටත් පැවතිණි. නමුත් එය ආරම්භයේදීම අත්හැර දැමුවේ පරිගණකය ඉතා ඉක්මණින් නිමකිරීමේ අරමුණෙනි. 1945 ජුනි 30 දී, ENIAC පරිගණකය සම්පුර්ණයෙන් නිමකිරීමටත් පෙරාතුව, ජෝන් වැන් නියුමැන් නම් ගණිතඥයා විසින් “First Draft of a Report on the EDVAC “නම් වු පත්‍රයක් ප්‍රකාශයට පත් කර බෙදා හැර තිබිණි. එය 1949 අගෝස්තුවේදී නිම කිරීමට නියමිත ආචිත ක්‍රමලේඛ පරිගණකයක දළ සටහනක් විස්තර කිර තිබිණි(Van Neumann 1945). EDVAC සැලසුම් කර තිබු‍නේ විවිධාකාරයේ උපදෙස් (හො මෙහෙයුම්) නිශ්චිත සංඛ්‍යාවක් ඉටු කිරීම සඳහාය. මෙම උපදෙස් සමහරක් EDVAC ධාවනය කිරීම සඳහා අවශ්‍ය ඵලදායී ක්‍රමලේඛ නිර්මාණය කිරීම සඳහා සංයුක්ත කර ගත හැකි විය. විශේෂයෙන්ම EDVAC සඳහා රචිත ක්‍රමලේඛයන් ස්ථාපිත කර තිබුණේ අධිවේග පරිගණක මතකයකය. මෙය පරිගණකයේ භෞතික රුහැන්ගතකරණයෙන් සඳහන් කර ඇති ක්‍රමවේදයට සාපේක්ෂව වෙනස්ය. මෙය EDVAC හි තිබු සැලකිය යුතු තරමේ අඩුපාඩුවක් මැඩපැවැත්වීමට හේතු පාදක විය. එනම් නව කාර්යයන් සිදුකිරීම සඳහා නැවත හැඩගැස්වීමට සිදුවන කාලය හා ශ්‍රමය විශාල වශයෙන් අඩු වීමයි. වැන් නියුමැන්ගේ සැලසුමත් සමඟ මෙතෙක් බරපතල ගැටලුවක්ව තිබු EDVAC හි ධාවනය කරමින් තිබු ක්‍රමලේඛනයන්ගේ මෘදුකාංගයක් වෙනස් කිරීම, සරලවම පරිගණක මතකයේ අන්තර්ගතය වෙනස් කිරීමෙන් පහසුවෙන් සිදුකල හැකි විය. සිය ප්‍රමුඛතම සැලසුමක් වන EDVAC නිර්මාණ කිරීම හේතුවෙන් ආචිත ක්‍රමලේඛන පරිගණක සැලසුම් කිරීමෙහිලා වැන් නියුමැන්හට සුවිශේෂි කීර්තියක් හිමි වු අතර, ඔහුට පෙර කොන්රුඩ් සු(z)ස් වැන්නවුන්ද ඒ ආකාරයෙන්ම අදහස් යෝජනා කර තිබිණි. මීට අමතරව Harvard Mark I හි Harvard නිර්මාණ ශිල්පයද ‍ඉලෙක්ට්‍රොනික මතකය වෙනුවට සිදුරු කල කඩදාසි පටි භාවිතයෙන් ආචිත ක්‍රමලේඛන සැලසුමෙන් හොඳ ප්‍රයෝජනයක් ලබා ගත්තේය. වැන් නියුමැන්ගේ ආකෘතිය හා Harvard නිර්මාණ ශිල්පිය අතර ප්‍රධාන වෙනස ලෙස සැලකිය හැක්කේ දෙවැන්න මධ්‍යම සැකසුම් ඒකකයේ (CPU) උපදෙස් හා දත්ත ගබඩා කිරීම හා හැසිරවීම වෙන් වෙන්ව සැලකීම වන අතර, පළමුවැන්න කාර්යයන් දෙකම සඳහා එකම මතක අවකාශය භාවිතා කිරීමයි. ‍බොහෝමයක් නුතන පරිගණක සැලසුමෙන් වැන් නියුමැන්ගේ ආකෘතිය වන මුත් Harvard ආකෘතියේ මුලිකාංගද පොදුවේ ඒවායේ දැක ගැනීමට පුළුවන. සංඛ්‍යාංක (digital) උපාංග වීම හේතුවෙන් සියලුම මධ්‍යම සැකසුම් ඒකක (CPU) විවික්ත අවස්ථා සමඟ කටයුතු කරන අතර එමනිසා ඒවා සඳහා කිසියම් ආකාරයක අවස්ථා අතර හුවමාරු වීමේ අවයවයක් තිබීම මෙම තත්ත්ව වෙන් වෙන්ව හඳුනාගැනිම සඳහා අත්‍යවශ්‍ය වේ. ට්‍රාන්සිස්ටරයට වාණිජමය වටිනාකමක් ලැබීමට පෙරාතුව, විද්‍යුත් ප්‍රතියෝජක හා රික්තක නල බොහෝවිට අවස්ථා හුවමාරු අවයව ලෙස භාවිතා විණි. මීට පෙර පැවැති පුර්ණ වශයෙන් ‍යාන්ත්‍රික සැලසුම් වලට සාපේක්ෂව මේවායේ පැහැදිලි වේග පරිමාණ වෙනසක් ඇතත්, ඒවායේ විශ්වාසීභාවය එතරම් ‍ හොඳ මට්ටමක් නොවිණි. මේ සඳහා උදාහරණයක් ලෙස ප්‍රතියෝජන මඟින් සරල ධාරා අනුක්‍රමික තර්ක පරිපථ සෑදීමේදී ඇතිවන ස්පර්ශය පොළා පැනීම නමැති (contact bounce) දුෂ්කරතාවය මඟහැරවීමට අමතර දෘඩාංග අවශ්‍ය වීම සැලකිය හැක. රික්තක නලයක ස්පර්ශය පොළා පැනීම තත්ත්වයට පත්වීමට ඉඩක් නොමැති නමුත් ඒවා පූර්ණ සක්‍රීය තත්ත්වයට පත් වීමට පෙර නියමිත උෂ්ණත්වයකට ගෙන ආයුතු අතර ක්‍රමයෙන් එය අඩු වී අක්‍රිය වී යයි. සාමාන්‍යයෙන් නලයක ක්‍රියාකාරිත්වය නැවතුනු විට මධ්‍යම සැකසුම් ඒකක (CPU) පිරික්සා බැලීමෙන් අක්‍රිය වු කොටස හරහා ගෙන එය නැවත ප්‍රිතිස්ථාපනය කිරීම සිදු කෙරේ. එම නිසා මුලික ඉලෙක්ට්‍රෝනික (රික්ත නල මුලික වු ) පරිගණකයන් සාමාන්‍යයෙන් විද්‍යුත් යන්ත්‍ර (ප්‍රතියෝජක මුලික වු) පරිගණක වලට වඩා වේගවත්, නමුත් විශ්වාසනීයභාවය තරමක් අඩු ඒවා ලෙස සැලකේ. EDVAC ආදී නාල පරිගණක සාමාන්‍යයෙන් පැය 8 කට වරක් අක්‍රීය වීමක් කරා නැඹුරු විය හැකි මුත්, Harvard Mark I ආදී ප්‍රතියෝජක පරිගණක (මදවේග නමුත් පෙරාතුව) අක්‍රීය තත්ත්වයට පත්වුයේ ඉතා කලාතුරකිනි. (Weik 1961:238) අවසානයේ නාල මුලික පරිගණක ප්‍රමුඛ ස්ථානයකට පැමිනියේ, එමඟින් සැපයුන සුවිශේෂි වේග වාසිය විශ්වාසය පිළිබඳ දුෂ්කරතාවලට වඩා වැදගත් වු බැවිනි. බොහෝමයක් පැරණි සම මුහුර්තක මධ්‍යම සැකසුම් ඒකක (CPU) නූතන ක්ෂ්‍රදු ඉලෙක්ට්‍රොනික සැකසුම් වලට සාපේක්ෂව අඩු ස්පන්ද වේගයකින් ධාවනය විය. (ස්පන්ධ වේග පිළිබඳ සාකච්ඡාවක් සඳහා පහත බලන්න) 100 Khz 4 MHz ස්පන්ද සංඥා සංඛ්‍යාතයක් මේ කාලයේදී බොහෝ සුලබ වු අතර ඒවා ගොඩනගන ලද හුවමාරු අවයවයන්ගේ වේගයන් මත විශාල වශයෙන් සීමා විය.

තාවකාලික මතකය | Random Access Memory / RAM
▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔

පරිගණක යන්ත්‍රයේ ඇති මතක ඒකක වලින් RAM මතකයේ ඇති දත්ත මැකීමටත් එයට නව දත්ත ඇතුල් කිරීමටත් හැකිය.මූලික වශයෙන් දත්ත ගබඩා කර ඇත්තේ Hard Disk යේය. Hard Disk යේ සිට දත්ත රැම් මතකයට රැගෙන එනු ලැබේ. ඉන්පසු පාලන ඒකකය එම දත්ත ප්‍රයෝජනයට ගනු ලැබේ.



01. DRAM - Dynamic Ram (ගතික රැම් චිප්)
02. SRAM - Static RAM (ස්ථීතික රැමි චිප්)

ස්ථිතික රැම්/ SRAM චිප් වල මිල අධික වන නමුත් ඉතා වේගයෙන් දත්ත පාලන ඒකකයට ලබා දීමට ඒවාට හැකිය. අනෙක් අතට ගතික රැම් චිප් වල‍ වේගය මද වුවත් විශාල ප්‍රමාණයක් දත්ත රැඳවීමට හැකිවීමත් මිල අඩුවීමත් නිසා බහුල වශයෙන් භාවිතයේ පවතී. රැම් මතකය සඳහා Main memory සහ Primary memory ලෙසද භාවිතා වේ.



රොම් මතකය | ROM - (Read only memory)
▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔

රොම් මතක චිප්වල ගබඩා කර ඇත්තේ පරිගණක යන්ත්‍රයේ කාර්යයන් සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වන උපදෙස්ය.ROM මතක චිප් වලට නව දත්ත ලිවීමට පාලන ඒකක වලට නොහැක.රොම් මතක එකකවල දත්ත කියවීමට ‍පමණක් ‍පාලන ඒකකයට හැකියාවක් ඇත.පරිගණක යන්ත්‍රයක රොම් මතක චිප් කීපයක්ම ඇත.‍ මේවායින් බයෝස් මතක චිප්ස් ප්‍රධාන තැනක් ගනී.(BIOS - Basic Input/ Output System) බයෝස් චිප්ස්වල ප්‍රධාන කාර්යය වනුයේ දත්ත ලබා දෙන හා දත්ත පිට කරන උපකරණ පාලනය කිරීමට අවශ්‍ය වන උපදේශය මතක තබා ගැනීමයි. එක් වරක් පමණක් දත්ත ලිවිය හැකි රොම් මතක චිප් සඳහා ප්‍රොම් (Form) චිප් යැයි කියනු ලැබේ.




දෘඩ තැටි | Hard disk
▔▔▔▔▔▔▔▔

ඔබගේ සියලු දත්තයන්, ඔබගේ Operating System එක, Applications වැනි සියල්ලම ගබඩා වී ඇතිතේ මෙහි තුලය. මෙය වෙනස් නොවන ගබඩා කිරීමකි. එනම් පරිගනකය නිවාදැමීමෙන් පසුව මෙහි දත්ත ගැකී නොයයි. දැනට දෘඩ තැටි/Hard disk වර්ග 3ක් තිබේ.

ඒවානම්,
IDE/ATA
SCSI
SATA (Serial ATA)




හඬ පත | Sound card
▔▔▔▔▔▔▔▔

හඩ පතක් යනු ශ්‍රව්‍ය පතක් ලෙසද හදුන්වයි. පරිගණක වැඩ සටහනක් පාලනය යටතේ පරිගණකයක් වෙත / වෙතින් ආදානය හා ප්‍රදානය කරන ශ්‍රවණ සංඥාවන්ට පහසුකම් සපයන පරිගණක විකාශන පතකි. හඩ පතක නියමාකාර ප්‍රයෝජන තුළට බහු මාධ්‍ය භාවිතයන් සදහා ශ්‍රවණ උපාංග සැලසීම, ( සංගීත සංයෝජන භාවිතයන්) ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංස්කරණ ඉදිරිපත් කිරීම් / අධ්‍යාපනික හා විනෝදාත්මක ( ක්‍රීඩා) අඩංගු වේ. බොහෝ පරිගණක තුළ ශබ්ද හැකියාව ගොඩනැගී ඇති අතරතුර අනෙක්වා හි ශ්‍රව්‍ය හැකියාව ලබා ගැනීමට විකාශන පත් expansion card ඇතුළත් කිරීමට සිදුවේ.




චිත්‍රණ පත | Graphics Card
▔▔▔▔▔▔▔▔▔▔

Graphics/Video Adaptor එකක් නැතහොත් වීඩියෝ කාඩ්(Video Card) එකක් එහෙමත් නැත්නම්

බොහෝ දෙනා VGA card නමින් වැරදි ලෙස හදුන්වන ග්‍රැෆික් කාඩ්පත(Graphic Card) පරිගණකයට වැදගත් වන්නේ එහි ග්‍රැෆික දත්ත සැකසීමේ (Graphic Processing) කටයුතු කිරීමටයි.

එනම් පෙන්විය යුතු (display) ප්‍රතිධාන චිත්‍ර (output images) සෑදීම හා 3D හා 2D ග්‍රැෆික සකසාදීම් කටයුතු (Graphics Render) කිරීම ආදියටයි.

ග්‍රැෆික් කාඩ් තෝරාගැනීමේදී පළමුවම සලකා බැලිය යුතු කරුනක් වන්නේ ඔබේ මවු පුරරුවට ග්‍රැෆික් කාඩ් එක සවි වන විස්තාරන කාඩ්පත (expansion card) එක කුමක්ද යන්නයි.දැනට භාවිතයේ එතරම් නැති යල් පැන ගිය AGP හා නව PCI-E අතරින් වර්තමානයේ බහුලව භාවිතා වන PCI - E‍ කාඩ්පත් තෝරාගැනීම කළයුතුය.




 ████████████ ස්තුතියි! ████████████