එක ජි-මේල් ගිණුමකින් , ෆේස්බුක් ගිණුම් දෙකක්


ජි-මේල් හා ගූග්ල්-මේල්.

ඔයා ජි-මේල් ගිණුමක් හදද්දි , ඔයාට හම්බවෙනවා xxxxxxxxxx@gmail.com කියලා ගිණුමක්.නමුත් ඔයාට ඒ ජි-මේල් ගිණුමටම ලිපින දෙකක් හම්බවෙනවා.

ඒ ලිපින දෙක තමයි,

xxxxxxxxxx@gmail.com හා xxxxxxxxxx@googlemail.com

නමුත් ගිණුම් දෙකේ නම් දෙක දෙකක් වුනාට , මේ ගිණුම් දෙකටම එන ඊ-මේල් එන්නේ එකම ගිණුමකට.මොකද ඔයා ජි-මේල් ගිණුමට ලොග් වෙනකොට @gmail.com කියා හෝ @googlemail.com කියලා යූසර් නේම් එක යොදන්නෙ නැති නිසා.

අපි ෆේස්බුක් ගිණුම් හදමු.

ඔයාට දැන් පුලුවන් ෆේස්බුක් ගිණුම් දෙකක් හදන්න මේ ක්‍රමය යොදාගෙන.ඔයා එක ෆේස්බුක් ගිණුමක් රෙජිස්ටර් කලොත් xxxxxxxxxx@gmail.com එකේ , තව ෆේස්බුක් ගිණුමක් රෙජිස්ටර් කලහැකි xxxxxxxxxx@googlemail.com ගිණුමට.

ඔයාට වෙන කෙනෙක්ගෙ ජි-මේල් එකට මේ ක්‍රමය යොදා ගෙන , ෆේස්බුක් ගිණුමක් හදන්න හැදුවට ඒක confirm බැරි එක තමා අවුලකට තියෙන්නේ.