අවොත් මොකද කරන්න ඔන


මුලින්ම කියන්න ඕනේ.. මෙයා හරිම දරුණු නිසා.. මෙයාගෙන් බේරෙන එක තමා අමාරු..
ඉස්සෙල්ලාම අපි බලමු මෙයාව මෙන්න මෙහෙම ගොඩ දා ගන්න පුළුවන් ද කියලා ඒ කිව්වේ configuration settings වලින්..
මෙහෙමයි කරන්නේ.. මැෂිම රිස්ටාර්ට් කළා .. ඔබන්න F8.. දැන් එන තිරයෙන් තෝරන්න last known good configuration..
දැන් එන්ටර් කරන්න . මේක තම ප්‍රාථමික ම වැඩේ.. තව ඉස්සරහට යමු බලන්න..
හොඳයි.. ඕගොල්ලෝ දන්නවා පරිගණකයේ ප්‍රධාන මතකය තමා RAM එක.. ඒ හරහා තමා සියලු දත්ත ගමන කරන්නේ..
අපි දන්න විදිහට ගොඩක් පරිගණක වල එන දෝෂ වලට RAM එක බලපානවා..
එතකොට මේ BSoD වලටත් එහෙමයි.. කොහොමද හොයා ගන්නේ මේක.. මෙන්න ක්‍රමේ.. බලමු..

මුලින්ම මෙහෙම කරන්න. ඔයාට එන එරර් එකේ තියන මෙමරි ඇඩ්රස් එක ලියා ගන්න..
ඒ කිව්වේ stop : 0x00ec3..... වගේ තියන එක.. දැන් අයෙත් මැෂින් එක රිස්ටාර්ට් කලහම ඔය අංකෙ ම නම් තියෙන්නේ..





තිතට ම ලෙඩේ ram එකේ.. පොඩ්ඩක් සුද්ද කරලා දාන්න.. ගොඩ ද ගන්න පුළුවන්..
හරි.. ඊළඟට බලමු තව එකක්.. මෙන්න මේක..දැන් ගොඩක් වෙලාවට අපි කරන්නේ මොකක් හරි Error එකක් ආ ගමන් නැවත ආරම්භ කිරීම නේ .. ඒ කිව්වේ restart ..
STOP එහෙම කරන්නෙපා .. පොඩ්ඩක් කියවන්න.. ලියල තියන එක..
සාමාන්‍ය අදහසක් ගන්න පුලුවන් ඒකෙන්.. මෙන්න මේ වගේ එකක් නම් එන්නේ.. IRQ_NOT_LESS_OR_EQUAL අනිවා ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ ඔයාගේ මැෂින් එකට අලුතෙන් දාපු hardware එකක ප්‍රශ්නයක්.. එක නිසා එයාව පොඩ්ඩක් අයින් කරලා බලන්න.. සමහර වෙලවටමෙහෙමත් වෙනවා.. drivers නොගැලපුනාම වුනත් මේක වෙතහැකි.. ඒක ඉතින් හොයල බලන්න..

තව එකක් තමා අපි දාන software වලිනුත් මේ වගේ පණිවිඩ ලැබෙන්න පුළුවන්.. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ.. මෙන්න මෙහෙමයි.. මුලින් කියපු ක්‍රමේට යන්න.. ඒ කිව්වේ Configuration හරහා.. එහෙම නැත්නම් Safe Mode වලින්.. ඊට පස්සේ මෙහෙම කරන්න .. start programs accesories system tools system restore.. සෙවන් වලදී නම් ස්ටාර්ට් එකට ගිය ගමන් ම system restore කියල දීල හොයා ගන්න.. ඊටපස්සේ මැෂිම restore කර ගන්න. එකේ තියන උපදෙස් අනුව.. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ වගේ මෘදුකාංගයකින් ඔයාගේ registry එක සුද්ද කර ගන්න.. Tuneup,ccleaner හෝ fcleaner වගේ..

දැන් ඉතින් වැඩේ ගොඩ.. තව පොඩ්ඩයි.. මේ එකක් වත් හරි යන්නේ නැහැ කියමු.. මොකද කරන්නේ.. ඒක පාරම වැඩේ දෙන්නම් කියලා වින්ඩෝස් දාන්න යන්න එපා.. ඔය තියන error message එකේ කෝඩ් එක පොඩ්ඩක් හොයල බලන්න.. අන්තර්ජාලයේ.. විශේෂයෙන් wndows සයිට් එකේ.. ඒකෙ තව තොරතුරු ඇති.. ඒවත් බලන්න.. මම හිතන්නේ මේ රෝගියාට මේ ප්‍රතිකර්ම වලින් හොඳක් වේවි.. එහෙනම්.. :D