අන්තර්ජාලයේ වේගය මදි ද?

මුලින්ම බලමු මේ DNS (Domain Name System) කියන්නේ මොකද්ද කියලා..

මේක ඩේටාබේස් එකක්. ඒකෙන් කරන්නේ අපි ටයිප් කරන ඩොමේන් නේම් එකට අදාළ IP Address අර ඩේටාබේස් එකෙන් ‍තෝරලා අදාළ URL එකට අපව යොමු කිරීමයි. උදාහරණයක් ලෙස අපි facebook.com කියලා සර්ච් කරාට ඇත්තටම යන්නේ ඒකේ 69.171.229.11 IP Address එකයි. එවිටයි අදාළ වෙබ් අඩවිය හා අපට සම්බන්ධ වෙන්න පුලුවන් වන්නේ.. මේ ගැන වැඩිදුර දැනගන්න http://domaintoip.com/ip.php වෙත යන්න. එවිට අවශ්‍ය ලිපිනයේ IP Address එක ලබාගන්න පුලුවන්.



දැන් Open DNS කියන්නෙ මොකද්ද කියල බලමු..

මේක නිදහස් සේවාවක්. ලෝකයේ ගොඩක් රටවල කට්ටිය ඔවුන්ගේ අන්තර්ජාල සම්බන්ධතා වල ඇතිවන අපහසුතා මඟහරවා ගෙන පහසුවෙන් නෙට් යන්න භාවිතා කරන විකල්ප ක්‍රමයක් තමයි මේක..
වැඩිදුර දැනගන්න කියවන්න.. http://en.wikipedia.org/wiki/OpenDNS



මේ ක්‍රමය ඔබ භාවිතා කරන්නේ මොන මෙහෙයුම් පද්දතියද හෝ කුමන අන්තර්ජාල සම්බන්ධත්වද යන්න වැදගත් වෙන්නෙ නෑ. පොදුවේ ඕනෑම එකකට මේක යොදාගන්න පුලුවන් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා..

මුලින්ම ඔයාලාට ඕන වෙනවා මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.. https://store.opendns.com/get/home-free

ඒක නොමිලේ කරන්න තියෙන්නේ.. ඊ-මේල් ලිපිනය හා මුර පදයක් ලබා දීලා ‍තෝරාගන්න තියෙන මුල් එකට ඕන එකක් දාලා අනිකට Household ලෙස ‍තෝරාගෙන Continue කරන්න. එසේ රෙජිස්ටර් වුණාට පස්සේ https://store.opendns.com/setup/ මේ වගේ පේජ් එකක් ඒවි.. ඒකෙන් කරන්නේ අපට අවශ්‍ය සැකසුම් සකස් කර ගැනීමයි..

දැන් මං කියන විදියට ඔයාලගේ මෙහෙයුම් පද්ධතිය අනුව අවශ්‍ය සැකසුම් සකස් කරගන්නයි තියෙන්නේ..OS එක,

Windows XP(any): නම් යන්න..
https://store.opendns.com/setup/operatingsystem/windows-xp වෙත

Windows Vista: නම් යන්න..
https://store.opendns.com/setup/operatingsystem/windows-vista වෙත

Windows 7: නම් යන්න..
https://store.opendns.com/setup/operatingsystem/windows-7 වෙත

(මේ සැකසුම් පොදුයි. නමුත් ඔබට ගැටලුවක් වූවොත්..! ඒ නිසා මෙසේ දක්වන්නේ)


Ubuntu නම් යන්න..
https://store.opendns.com/setup/operatingsystem/ubuntu වෙත


OS X Leopard: නම් යන්න..
https://store.opendns.com/setup/operatingsystem/apple-osx-leopard වෙත

OS X Tiger : නම් යන්න..
https://store.opendns.com/setup/operatingsystem/apple-osx-tiger වෙත

(මේ අතර වැඩි වෙනසක් නෑ)

එසේ සැකසුම් සකස් කරගත්ත නම් අදාළ පි‍ටුවේ පහළටම ගොස් NEXT: Test your new settings

ක්ලික් කරන්න. ඔබ නිවැරදිව සැකසුම් සකස් කර තිබුණා නම් Success! You're now using OpenDNS.



*******************************************************************************

විශේෂයි: ඔවුන් නිර්දේශ කරන්නේ DNS Cashe Clear කරන්නත්, බ්‍රව්සර් කෑෂ් එක ක්ලීන් කිරීම මෙයින් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට ඉවහල් වන බවයි.. පහත ලින්ක් මඟින් එහි ඇති අවශ්‍ය සැකසුම් සකස් කරගන්න.

DNS Cashe Clear කරන්න හැටි: http://www.opendns.com/support/article/68

බ්‍රව්සර් කෑෂ් එක ක්ලීන් කරන හැටි: http://www.opendns.com/support/article/67

*******************************************************************************



මෙම සේවයේ විශේෂත්වය නම් දී ඇති උපදෙස් නිසි ලෙස පිලිපැද්දොත් කවර පුද්ගලයෙකුට වුණත් මේ සැකසුම් සකස් කරගත හැකිවීමයි..



ඒ කෙසේ වෙතත් ඔබට තවම වේගය සැලකිය යුතු මට්ටමකට වැඩි වුනේ නැත්නම් තව ප්‍රායෝගික ක්‍රමයක් තියෙනවා ඒ තමා Google Public DNS සේවය.. මේකෙත් අපිට පොඩි සෙටිං ටිකක් හදා ගත්තම වැඩේ ගොඩ.. මේකෙ විශේෂත්වය තමා Open DNS වලට වඩා වේගයෙන් ටිකක් වැඩි වීම.. මොකද යොදාගෙන තියෙන IP Address එක ගොඩක් වේගවත් කියලයි කියන්නේ.. ඒක තමා මේ සේවයට පුද්ගලයින් යොමුවෙන්න ප්‍රධාන ම හේතුව. මා කියලා දෙන්නම් කොහොමද මේ සැකසුම් හදා ගන්නේ කියලා..
















1. Control Panel යන්න

2. එහි Network and Sharing Center ‍තෝරාගන්න. (ඒ සඳහා view as: Large/Small icon ‍තෝරාගන්න)

දැන් එන වින්ඩෝ එකේ වම් පසට වන්නට ඇති Change adapter settings ‍තෝරාගන්න. මේ කිව්වේ Vista or 7 භාවිතා කරන ඔයාලට.. නමුත් ඔබ XP නම් කරන්න තියෙන්නේ Control Panel->Network and Internet Connections වෙත යන්නයි..

3. ඔබ මේ සේවය යොදාගන්න කැමති සම්බන්ධතාව ‍තෝරාගන්න (කිහිපයක් තිබෙනවා නම් කැමති එක ‍තෝරාගන්න.) දැන් ඒ මත ඩබල් ක්ලික් කරලා එහි Properties ‍තෝරාගන්න. අවශ්‍ය නම් Username, Password යොදා ඇතුලු වන්න. නැත්නම් ඇඩ්මින් වශයෙන් ලොග් වෙන්න සිද්ධ වෙනවා..

4. දැන් එන වින්ඩෝ එකෙන් Internet Protocol Version 4 (TCP/IPv4) ‍තෝරාගන්න. එහි Properties ක්ලික් කරන්න.

5. දැන් Advanced ක්ලික් කර එහි DNS වල ඇති IP Address සියල්ල ඉවත් කරගන්න. නමුත් මුල්ම වතාවට මෙය කරයි නම් ඕන වෙන එකක් නෑ.

6. දැන් OK ක්ලික් කරන්න.

7. දැන් පෙර වින්ඩෝ එක එනවා ඒකෙන් Use the following DNS server addresses සිලෙක්ට් කරන්න. පහත ඇති Preffered DNS සහ Alternate DNS සඳහා පිළිවෙලින් 8.8.8.8 හා 8.8.4.4 යොදාගෙන ඔබගේ කනෙක්ෂන් එක රීස්ටාර්ට් කරගන්න.

8. දැන් කළ සැකසුම් නිවැරදිද බලාගන්න, බ්‍රව්සර් එකක් ඕපන් කරලා localhost හා http://www.google.com යන ලිපින වලට යන්න හැකිද බලන්න නොහැකි නම්, http://18.62.0.96/ ලෙස සටහන් කර පේජ් එක ඕපන් වෙනවාද බලන්න.. ඒත් නැත්නම් ඔබට කොහේ හරි වැරදිලා ඇති, ආයෙම කරලා බලන්න..

9. කැමති නම් අනික් සම්බන්ධතාවන්ට යොදාගන්න, මේ පියවර නැවත අනුගමනය කරන්න..


ඔබගේ සම්බන්ධත්වයට Google Public DNS සමඟ ගනුදෙනු කරන්න සුදුසුකම් තියෙනවාද බලන්න..

Go to Run-> Type Cmd එන වින්ඩෝ එකේ tracert -d 8.8.8.8 යොදා එන්ටර් කරන්න. ටික වෙලාවකින් Trace Complete කියලා ඒවි.. එහෙනම් වැඩේ සාර්ථකයි..







ඇපල් පරිගණකය සැකසුම් සකස් කරගන්න පියවර..










1. Apple Menu > Click System Preferences > Network වෙත යන්න

2. පහත වම් පැත්තේ Lock Icon එක දැකගන්නට ලැබුනොත් පාස්වර්ඩ් යොදා අන්ලොක් කරගන්න.

3. ඔබ භාවිතා කරන සම්බන්ධතාවය අනුව,

- Ethernet connection සැකසුම් වෙනස් කරන්න, මෙය ‍තෝරා ගෙන එහි Built-In Ethernet > click Advanced. ලෙස ‍තෝරාගන්න.

- Wireless connection නම් එය ‍තෝරා එහි Airport > click Advanced කරන්න.

4. මේ ක්‍රම දෙකට ම පොදුයි, එතනින් DNS Tab එක ‍තෝරාගන්න.

5. එහිදී IP addresses වලට 8.8.8.8 හා 8.8.4.4 යොදාගන්න.

6. Apply and OK

7. මෙහි ක්‍රියාකාරිත්වය බලාගන්න..

බ්‍රව්සර් එකක් ඕපන් කරලා localhost හා http://www.google.com යන ලිපින වලට යන්න හැකිද බලන්න නොහැකි නම්, http://18.62.0.96/ ලෙස සටහන් කර පේජ් එක ඕපන් වෙනවාද බලන්න.. ඒත් නැත්නම්

ඔබට කොහේ හරි වැරදිලා ඇති, ආයෙම සැකසුම් කරලා බලන්න..

8. කැමති නම් අනික් සම්බන්ධතාවන්ට යොදාගන්න, මේ පියවර නැවත අනුගමනය කරන්න..

ඔබගේ සම්බන්ධත්වයට Google Public DNS සමඟ ගනුදෙනු කරන්න සුදුසුකම් තියෙනවාද
බලන්න..

කමාන්ඩ් වින්ඩෝ එක ඕපන් කරගෙන /usr/sbin/traceroute -n -w 2 -q 2 -m 30 8.8.8.8 ලෙස ටයිප් කරගෙන Enter කරන්න Trace Complete ලෙස ආවා නම් වැඩේ ගොඩ..




Ubuntu OS එකක් නම්..




1. System Menu > Preference > Click Network Connections වෙත යන්න.

2. ඔබගේ සම්බන්ධතාවය අනුව,

-Wired Connection: නම් wired Tab ‍තෝරා ගෙන ඔබගේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එක ‍තෝරාගන්න එය බොහෝ විට eth0.

-Wireless Connection: නම් Wireless Tab ‍තෝරාගෙන ඔබගේ වයර්ලස් සම්බන්ධත්වය ‍තෝරාගන්න.

3. කුමන සම්බන්ධතාවය වුණත් Edit ක්ලික් කරලා IPv4 Settings ‍තෝරාගන්න.

4. එහි ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් Automatic (DHCP) addresses only ‍තෝරාගන්න.

5. එහි DNS Server Field එකට 8.8.8.8 සහ 8.8.4.4 ලෙස ඇතුලත් කරන්න.

6. Apply කර සැකසුම් සේව් කරගන්න, පාස්වර්ඩ් ආවොත් ඇතුලත් කරන්න.

7. මෙහි ක්‍රියාකාරිත්වය බලාගන්න..

බ්‍රව්සර් එකක් ඕපන් කරලා localhost හා http://www.google.com යන ලිපින වලට යන්න හැකිද බලන්න නොහැකි නම්, http://18.62.0.96/ ලෙස සටහන් කර පේජ් එක ඕපන් වෙනවාද බලන්න.. ඒත් නැත්නම්

ඔබට කොහේ හරි වැරදිලා ඇති, ආයෙම සැකසුම් කරලා බලන්න..

8. කැමති නම් අනික් සම්බන්ධතාවන්ට යොදාගන්න, මේ පියවර නැවත අනුගමනය කරන්න..

ඔබගේ සම්බන්ධත්වයට Google Public DNS සමඟ ගනුදෙනු කරන්න සුදුසුකම් තියෙනවාද බලන්න..

කමාන්ඩ් වින්ඩෝ එක ඕපන් කරගෙන sudo traceroute -n -w 2 -q 2 -m 30 8.8.8.8 ලෙස ටයිප් කරගන්න. Trace Complete ලෙස ආවා නම් වැඩේ ගොඩ..

ඔන්න ඔය විදිහටයි කරගන්න තියෙන්නේ, බලන්න වැඩේ හරි ගියා නේද? මේක Dongle (Any Type) සඳහා හොඳින් භාවිතා කරන්න පුලුවන්.

එච්චරයි කරන්න තියෙන්නේ.. දැන් බලන්න වේගය කොහොමද කියලා.. ටිකක් හරි වැඩි වෙලා ඇති..