කරදරකාරී පුද්ගලයන්ගෙන් එන දුරකතන ඇමතුම් වලක්වමු.

"එයා මට දවසකට 25ස් සැරයක් විතර කෝල් කරනවා. මහ රෑ 12ටක් කෝල් කරනවා. හරිම කරදරයක් මට වෙලා තියෙන්නේ" මට නම් එහෙම වෙලා නෑ. ඔබට එහෙම කරදරයක් තියෙනවා නම් ඒ කරදරයෙන් මිදෙන්න මෙන්න පහසු ක්‍රමයක් තියෙනවා.

ගන්න ඔබේ ජංගම දුරකතනය අතට. මං මේ පහත කියන විදිහට සෙ‍ට්න් සකස් කරන්න.

Menu --> Settings --> Call settings --> Call divert --> Divert if not answered --> Activate --> To other number -->0345683253 (මෙම දුරකතන අංකය ඇතුල්කරන්න) --> OK -->20 seconds තෝරන්න.

ඔන්න දැන් වැඩේ හරි. දැන් ඔන්න අර කලින් කියපු කරදර කාරයා ගන්නවා කෝල් එකක්. ඔයා කෝල් එකට ආන්සර් කරන්න එපා. 20 seconds ගතවුනාම කෝල් එක කට් වී එයාට මෙන්න මෙහෙම ඇහෙනවා. " ඔබ ඇමතූ දුරකතන අංකය වෙනස්කර ඇත" එතකොට එයා හිතනවා මෙන්න මෙහෙම "නම්බර් එක වෙනස් කරලනේ" දැන් ඉතින් වැඩක් නෑ කියල එයා වැඩේ අල්ලදාල නිකම් ඉන්නවා. එයාගෙන් ආයිත් කරදර නෑ ඔන්න.

දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ අම්ම තාත්තා එහෙම නැත්නම් ඔයාගේ හිතයත් යාලුවෝ කෝල් කළාමත් එහෙම වෙනවද? ඔව්, එහෙම වෙනවා. ඒක නිසා තප්පර 20ක් ගිහින් කෝල් එක කට් වෙන්න කලින් ඔයා කෝල් එකට ආන්සර් කරන්න ඕනා. එහෙම නොවුන හොත් ඒගොල්ලොත් හිතයි ඔයා නම්බර් එක වෙනස් කරලා කියල.

ඒ වගේම කෝල් එකක් ඇවිදිල්ලා කට් වුනාම ඒක මිස් කෝල් එකක් විදිහට සටහන් වෙනවා. ඒක නිසා කවුද ඔයාට කතා කරල තියෙන්නේ කියල බලාගන්නත් ඔයාට පුළුවන්.

ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ ක්‍රෙඩිට් තියෙන්න ඕනා මේ වැඩේ සිදුවෙන්න නම්. නමුත් මේ සඳහා සතයක්වත් කැපෙන්නේ නෑ.

ටික දිනක් ගියාට පස්සේ මේ ක්‍රියාව නවත්වන්න ඔයාට ඕනා නේද. ඒ කියන්නේ ෆෝන එක කලින් තිබුන තත්ත්වයට පත්කරගන්න ඕනනේ. ඒ සඳහා පහත සඳහන් විදිහට සෙටිං සකසන්න.

Menu --> Settings --> Call settings --> Call divert -->Cancel all diverts කරන්න.

අර මං ඇතුලත් කරන්න කිව්ව දුරකතන අංකය ගැන මොකද හිතෙන්නේ. කාලයක් අපේ ගෙදර පාවිච්චි කරපු අංකය. දැන් ඒක වෙනස් කරල තියෙන්නේ. ඔයාට වෙනස් කරපු ඕනෑම අංකයක් මේ සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම භාවිතයේ නැති අංකයක් යොදාගත්තොත් "ඔබ ඇමතූ දුරකතන අංකය භාවිතයේ නැත" කියල කියාවි. නිතර නිතර අසභ්‍ය දේවල් වලින් ඔයාට බනිනවා නම් කව්රු හරි, පොලීසියේ දුරකතන අංකය ඒ සඳහා යොදාගන්න. හැබැයි එහෙම කරනවා නම් ඔයාට එන කෝල් ගැන දැඩි සෝදිසියෙන් ඉන්න ඕනා. සතුරගේ කෝල් එක විතරක් පොලීසියට යන්න ඉඩ දෙන්න. අනෙත් කෝල් වලට ආන්සර් කරන්න. එහෙම නැත්නම් කට් කරන්න. ඉබේ කට් වෙන්න දෙන්න එපා. එහෙම උනොත් පොලීසියට තමයි කෝල් එක යන්නේ.