පෙන් එකකින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරමු


පෙන් එක කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ආධාරයෙන් බූටබල් කරගන්නේ මෙහෙමයි. (වින්ඩෝස් විස්ටා/සෙවන් පෙන් එකක් හරහා ඉන්ස්ටෝල් කරගැනීම සඳහායි)



1. ඔබේ පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කර එහි ඇති අත්‍යාවශ්‍ය දත්ත වෙනත් තැනකට කොපිකරගන්න.


2. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගන්න.


(Win+R Press කර ලැබෙන Run වින්ඩෝවේ CMD ලෙස ටයිප් කර Enter කරන්න.


3. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක තුළ DISKPART ටයිප් කර එන්ටර් කරන්න. ඉන්පසු LIST DISK ටයිප් කර එන්ටර් කරන්න. මෙයින් ඔබේ පෙන් එකට දී ඇති ඩිස්ක් නම්බර් එක පෙන්වනු ඇති.


4. දැන් පහත කමාන්ඩ්ස් එක බැගින් ටයිප් කරමින් එන්ටර් කරන්න.


SELECT DISK 1 (Replace DISK 1 with your disk number)


CLEAN


CREATE PARTITION PRIMARY


SELECT PARTITION 1


ACTIVE


FORMAT FS=NTFS

(ෆෝමැට් වීම සඳහා තත්පර කීපයක් ගතවේවි)


ASSIGN


EXIT


5. ඔබේ වින්ඩෝස් DVD එක ඩීවීඩී ඩ්‍රයිව් එකට ඇතුළත් කරන්න. ඩීවීඩී එක සහ පෙන් එකට දී ඇති ඩ්‍රයිව් ලෙටර්ස් මතක තබාගන්න.

6. නැවත කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගොස් පහත විධාන ලබාදෙන්න.

6.1. Change directory to the DVD’s boot directory where bootsect එක ඇති ඩීවීඩී එකෙහි බූට් ඩිරෙක්ටරි එකට ඩිරෙක්ටරි එක වෙනස් කරන්න. (DVD එක ඇත්තේ D: තුළ නම්)


d:

cd d:\boot

6.2 පෙන් එක වින්ඩෝස් විස්ටා හෝ සෙවන් ඉමේජ් එක සඳහා බූටබල් NTFS ඩ්‍රයිව් එකක් බවට පත් කරගැනීම සඳහා bootsect භාවිතා කරන්න. පෙන් එක G: නම්..


bootsect /nt60 g:

7. වින්ඩෝස් DVD එක පෙන් එකට කොපි කරගන්න.

දැන් “USB boot feature“ එක ඇති ඕනෑම පරිගණකයකට මේ පෙන් එක භාවිතා කර වින්ඩෝස් ඉන්ස්ටෝල් කරගත හැකි වනු ඇති.