පහසුවෙන්ම පරිගණක දෙකක් Network කරමු

මම දැන් කතාකරන්න යන්නේ සරලවම පරිගණක දෙකක් නෙට්වර්ක් කරලා ඒකෙන් වැඩ කරන විදිය ගැන. මේ මාතෘකාව තෝරාගත්තේ බොහෝ දෙනෙක් මේ ක්‍රමය ගැන අහලා තිබුණ නිසාත්, පෞද්ගලිකව මගෙන් කිහිපදෙනෙක් මේ ගැන අහපු නිසාත් තමයි. නොදන්නා අයට මෙන්න දැම්මා පෝස්ට් එක. දන්න අය වැරදි තිබේනම් නිවැරදි කරන්නකෝ...


පරිගණක දෙකක් නෙට්වර්ක් කරන්න අවශ්‍ය අමතර දෙයක් ලෙස වුවමනා වෙන්නේ නෙට්වර්ක් කේබල් එකක් විතරයි. ඒකත් බොහෝම අඩු වියදමින් සපයාගන්න පුළුවන්. මේකට යොදාගන්නේ RJ45 නමින් හඳුන්වන ජැක් දෙකක් දෙපසින් සවිකළ ‍කේබල් එකක්. දිග මීටර් 10ක් වන සම්පූර්ණ කේබල් එකක් රු.170/- ට විතර ගන්න පුළුවන්.

ඉතින් දැන් අපි නෙට්වර්ක් කරන්න පටන්ගනිමු. මේ සඳහා මුලින්ම අදාල පරිගණක දෙකේ RJ45 පෝට් දෙකට මේ කේබලය සවිකරගන්න ඕනේ. නවීන පරිගණකවල මව්පුවරුවටම මේ පෝට් එක එනවා. පැරණි පරිගණකවල නම් ඊට අදාල කාඩ් එකක් සවිකරගන්න ඕනේ.

කියන්න අමතන වුණා!! ඊටත් කලින් මේ පරිගණක දෙකේම Network Drivers ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. එහෙම ඉන්ස්ටෝල් කළාම පරිගණක දෙකේම ටාස්ක් බාර් එකේ සිස්ටම් ට්‍රේ එකේ පරිගණක දෙකක් සහ රතුපාට කතිරයක් තියෙන අයිකන් එකක් දකින්න ලැබෙනවා. දැන් අපි නෙට්වර්ක් කේබල් එක පරිගණක දෙකට සම්බන්ධ කළාම ඒ අයිකන් එක වෙනස් වෙලා රතුපාට කතිරය වෙනුවට කහපාට සලකුණක් දක්නට ලැබෙනවා. එතැනට මවුස් පොයින්ටරය ගෙන ගියාම Limited Connection කියලා වැටෙනවා.



දැන් අපි පරිගණක දෙකටම IP Address ලබාදෙන්න ඕනේ. මුලින්ම මේ පරිගණක දෙකෙන් ප්‍රධාන පරිගණකය(Server) හැටියට එක් පරිගණකයකුත්, සේවාදායක පරිගණකය(Client) හැටියට එක් පරිගණකයකුත් තෝරාගන්න ඕනේ.



දැන් සර්වර් පරිගණකය හැටියට තෝරාගත් පරිගණකයේ Start > Control Panel > Network Connections ගොස් network තිබෙන ස්ථානයට යන්න. දැන් අපේ Local Area Network එක එතැන පෙනෙන්නට තියෙනවා. ඒකේ Right Click කරලා Properties යන්න. දැන් එන සංවාද කොටුවේ General ටැබ් එකේ This Connection uses the following items: යටතේ පහළම තියෙන Internet Protocol (TCP/IP) යන්න ඩබල් ක්ලික් කරන්න. දැන් එන සංවාද කොටුවේ Use the following IP Address යන්න සිලෙක්ට් කරලා IP Address කියන තැන ඉදිරියෙන් තියෙන කොටුවේ මෙන්න මෙහෙම IP Address එක ටයිප් කරන්න. ටයිප් කරනකොට තිත්වලින් වෙන් කරලා තියෙන කොටස් එම කොටුවේ තිත්වලන් වෙන් කරලා තියෙන විදියට නිවැරදිව ටයිප් කරන්න.

192.168.0.1

මේක තුන්වැනි පන්තියේ IP Address එකක්. එනම් මෙහි පරාසය 192 සිට 223 දක්වා දශමය සංඛ්‍යා වෙනවා.



මේක ටයිප් කරලා ඉවර වුණාට පස්සේ Subnet mask කියන තැන ඉදිරියෙන් තියෙන කොටුවේ ක්ලික් කරන්න. එවිට 255.255.255.0 ලෙස සටහන් වේවි. දැන් සංවාද කොටු දෙකම OK කරන්න.



දැන් අපි මේ කරපු දේ මේ විදියටම අනෙක් පරිගණකයේත් කරන්න ඕනේ. හැබැයි IP Address එක ටයිප් කරනකොට,

192.168.0.2 විදියට ටයිප් කරන් ඕනේ. ඒ කියන්නේ කලින් පරිගණකය අංක 01, මේ පරිගණකය අංක 02 වගේ.

මේකෙත් Subnet mask කලින් වගේම සටහන් කරලා සංවාද කොටු දෙකම OK කරන්න.

දැන් ඔයාලට පෙනේවි අර සිස්ටම් ට්‍රේ එකේ තිබුණ Local Area Network අයිකන් එකේ කහපාට ලකුණ අයින් වෙලා Local Area Network Connected කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් පරිගණක දෙක නෙට්වර්ක් කරලා අවසන්.

දැන් කරන්න තියෙන්නේ පරිගණක දෙකේ තියෙන Files එකිනෙකාට භාවිත කිරීම සඳහා බෙදාගැනීමයි(Share). මෙහිදී පරිගණක දෙක සඳහාම පහත තියෙන ක්‍රියාකාරකම කරන්න ඕනේ...

Control Panel > Network Connections ගොස් එහි වම්පස network tacks යටතේ ඇති set up a home or small office network ක්ලික් කරන්න. දැන් Netwok Setup Wizard විවෘත්ත වී තියේවි. දැන් අවස්ථා දෙකේදීම Next ක්ලික් කරන්න. දැන් the wizard found connected network hardware යන වින්ඩෝවට පැමිණි විට Connections යටතේ ඇති Local Area Network ක්ලික් කර next ක්ලික් කරන්න.

දැන් එනවා Select a Connectio method වින්ඩෝව. මෙහි අන්තර්ජාල සම්බන්ධතාවය පිළිබඳව විකල්ප 3ක් තෝරාගැනීමට තිබෙනවා. පළමු එකෙන් කියන්නේ මේ පරිගණකය ඍජුවම අන්තර්ජාලය හා සම්බන්ධව තිබෙන බවයි. දෙවැනි එකෙන් කියන්නේ මේ පරිගණකය අන්තර්ජාලය සමඟ සම්බන්ධ වන්නේ ජාලයක් හරහා වෙනත් පරිගණකයකින් බව. ඔයාලා අන්තර්ජාලය භාවිත කරන නිසා සර්වර් පරිගණකය ලෙස තෝරාගත්, එනම් අන්තර්ජාලය සම්බන්ධ කර තිබෙන පරිගණකයේදී මෙහි පළමු විකල්පය තෝරාගන්න. අන්තර්ජාල සබඳතාවය නැති දෙවැනි පරිගණකය සඳහා දෙවන විකල්පය තෝරන්න.

දැන් next කරන්න.

දැන් සර්වර් පරිගණකයේ නම් Select your Internet Connection වින්ඩෝව පැමිණ තිබෙනවා.

මෙහිදී ඔයාලා අන්තර්ජාලයට සම්බන්ධ වන ක්‍රමය (ADSL, Broadband) සඳහන් වෙනවා. එය තෝරා next කරන්න.

දැන් පරිගණක දෙකේම Computer Descriptions and Name යන වින්ඩෝ එක පැමිණ තිබෙනවා. මෙහිදී Computer Description හැටියට කැමති නමක් ටයිප් කර next කරන්න. දැන් workgroup name එක සඳහන් කරන්න. next කරන්න.

දැන් file and printer sharing වින්ඩෝ එක පැමිණෙනවා. මෙහිදී අපිට නෙට්වර්ක් එකෙන් අවශ්‍ය කාර්යයන් කර ගැනීම සඳහා Turn on file and printer sharing යන විකල්පය තෝරන්න. next කරන්න. ඊලඟට පැමිණෙන වින්ඩෝ එකත් next කරන්න. දැන් network setup වීම ආරම්භ වෙනවා.

දැන් You're almost done නමින් වින්ඩෝ එකක් පැමිණෙනවා.

මෙහිදී අපට කිරීමට සිදුවන කාර්යය අවසන් වන නිසා Just finish the wizard; I don't need to run the wizard on other computers යන විකල්පය තෝරා next කරන්න.

අවසානයේදී Finish ක්ලික් කර පරිගණක දෙකම Restart කරන්න.

දැන් Network setup කර අවසානයි. දැන් පරිගණක දෙකේම හාඩ් ඩිස්ක් පාටිෂන්ස්, ප්‍රින්ටර්ස්, ස්කැනර්ස් ආදිය Share කරගන්න පුළුවන්.

Hard Disc share කිරීම සඳහා පරිගණක දෙකේම එක් එක් පාටිෂන් එක Right click කර Properties යන්න. දැන් sharing ටැබ් එකට ගොස් එහි ඇති Network sharing and security යටතේ ඇති Share this folder on the network සහ Allow network users to change my files යන check box සිලෙක්ට් කර Apply කරන්න. දැන් files share වීමට පටන්ගනියි. අවසානයේ OK කර සංවාද කොටුවෙන් ඉවත් වෙන්න.

දැන් Control Panel > Network Connections ගොස් එහි වම්පස Other Places යටතේ ඇති My Network Places ක්ලික් කරන්න. දැන් අනෙක් පරිගණකයේ Hard Disc Partitions පෙනේවි. ඒවාට ක්ලික් කිරීමෙන් ඒ පරිගණකයේ අඩංගු දේ මේ පරිගණකයේ ඉඳන්ම භාවිත කරන්න පුළුවන්.

ප්‍රින්ටර් share කිරීම සඳහා ප්‍රින්ටරය සම්බන්ධ කර ඇති පරිගණකයේ Start > Control Panel > Printers and Faxes යන්න තෝරන්න. දැන් එන වින්ඩෝවේ ඇති සියලුම ප්‍රින්ටර් එකිනෙක මත Right click කර Properties ගොස් Sharing ටැබ් එකේ ඇති share this printer යන්න සිලෙක්ට් කර Apply කර OK කරන්න.

දැන් අනෙක් පරිගණකයට යන්න. දැන් Start > Control Panel > Printers and Faxes යන්න. දැන් එන වින්ඩෝ එකේ වම්පස ඇති Printer tasks යටතේ ඇති Add a Printer යන්න ක්ලික් කරන්න. දැන් එන වින්ඩෝ එක next කරන්න.

දැන් එන Local or Network Printer වින්ඩෝවේ ඇති දෙවන විකල්පය වන A Network Printer or a Printer attached to another computer තෝරා next කරන්න.

දැන් එන වින්ඩෝවේදී Browse for a Printer යන විකල්පය තේරී ඇති බව දක්නට ලැබේවි. එය එසේම තබා next කරන්න.


දැන් එන වින්ඩෝ එකේ දකින්නට ලැබෙනවා අනෙක් පරිගණකය මගින් share කරපු ප්‍රින්ටර් වල ලිස්ට් එක.

දැන් මේ එකින් එක ක්ලික් කර තෝරා, next කර, අවසානයේ Finish කරමින් සංවාද කොටුවෙන් ඉවත් වන්න. අනෙක් ප්‍රින්ටර්ස් සඳහාද මෙය සිදුකරන්න. දැන් පරිගණක දෙකේම ප්‍රින්ටර්ස් සම්බන්ධ වී ඇති බව දක්නට ලැබේවි. දැන් පරිගණක දෙකෙන්ම අවශ්‍ය දේ ප්‍රින්ට් කරන්නට හැකියාව තියෙනවා.


දැන් බලමු ප්‍රධානම කාර්යය වන ඉන්ටර්නෙට් share කරන්නේ ‍කොහොමද කියලා. ඒක නැතුව මොකකින්වත් වැඩක් නෑනේ.... ;)


මුලින්ම ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබාදීලා තියෙන පරිගණකයට යන්න. Control Panel > Network Connections යන්න. මෙහි තිබෙනවා Dial up යටතේ ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත්, LAN or High Speed Internet යටතේ Local Area Network එකත්.

දැන් මෙහි Dial up යටතේ ඇති ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මත Right click කරලා Properties යන්න.


දැන් එන සංවාද කොටුවේ ඇති Networking ටැබ් එකට යන්න. එහි This connection uses the following Items: යටතේ ඉහළින්ම ඇති Internet Protocol (TCP/IP) යන්න ඩබල් ක්ලික් කරන්න.


දැන් එන සංවාද කොටුවේ Use the following IP Address යන විකල්පය තෝරා IP Address යන්න ඉදිරියෙන් ඇති කොටුවේ පෙර පරිදිම 192.168.0.1 යන IP Address එක ටයිප් කර සංවාද කොටු දෙකම OK කරන්න.


දැන් මේ වැඩේට අපි Proxy Application එකක් ප්‍රධාන පරිගණකයේ ඉන්ස්ටෝල් කරගතයුතු වෙනවා. ඒ සඳහා මෙන්න මේ ලින්ක් එකට ගිහින් CCProxy මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. මතක තියාගන්න මේක කරන්නේ ප්‍රධාන පරිගණකයේයි.


මෙන්න ලින්ක් එක,

එච්චර ලොකු මෘදුකාංගයක් නෙමෙයි, 1MB විතර බොහොම පුංචි එකක් :)


http://www.mediafire.com/?pybeut5464bdwq5


දැන් ඉන්ස්ටෝල් කරගත් CCProxy මෘදුකාංගය විවෘත කරගෙන එහි Options බට්න් එක ක්ලික් කරන්න. දැන් මෙහි ඇති Auto Startup සහ Auto Hide යන checkbox දෙකම ඇක්ටිව් කර OK කරන්න. CCProxy වින්ඩෝව Minimize කරන්න. Close කරන්න එපා.

දැන් දෙවැනි පරිගණකයට යන්න. ඔයාලා අන්තර්ජාලයට භාවිත කරන කැමති වෙබ් බ්‍රව්සර් එකක් හෝ කිහිපයක් ඉන්ස්ටෝල් කරගන්න. ඒවායේත් Network settings හදන්න ඕනේ.


Internet Explorer වල නම් මෙහෙමයි :

Internet Explorer විවෘත කරගන්න. Tools > Internet Options තෝරන්න. දැන් එන සංවාද කොටුවේ Connections ටැබ් එක ක්ලික් කරන්න. එහි පහළින්ම Local Area Network(LAN) settings : යටතේ ඇති LAN Settings... බට්න් එක ක්ලික් කරන්න. දැන් එන සංවාද කොටුවේ පහළ Proxy Server යටතේ ඇති checkbox එක ඇක්ටිව් කරන්න. දැන් එහි Address යටතේ ප්‍රධාන පරිගණකයට ලබාදුන් IP Address එක වන 192.168.0.1 යන්න ලබාදෙන්න. Port යටතේ, ප්‍රධාන පරිගණකයේ Proxy port එක වන 808 අංකය ලබාදෙන්න. දැන් සංවාද කොටු දෙකම OK කරන්න. දැන් Internet Explorer වලින් ඉන්ටර්නෙට් යන්න පුළුවන්.

Firefox වල මෙහෙමයි :

Firefox විවෘත්ත කරගෙන Tools > Options යන්න. දැන් එන සංවාද කොටුවේ Advanced ටැබ් එකට යන්න. එහි ඉහළින්ම ඇති Network ටැබ් එකට යන්න. එහි Connections යටතේ ඇති Settings බට්න් එක ක්ලික් කරන්න. දැන් එන සංවාද කොටුවේ Manual Proxy Configuration: යන විකල්පය තෝරන්න. දැන් පෙර පරිදිම HTTP Proxy යටතේ 192.168.0.1 සහ Port යටතේ 808 ටයිප් කර සංවාද කොටු දෙකම OK කරන්න. ඔන්න දැන් Firefox වලිනුත් Internet යන්න පුළුවන්.

Chrome සඳහා මෙහෙමයි :

Chrome විවෘත කර ඉහළ දකුණු කෙළවරේ ඇති Customize and control Google Chrome අයිකනය මත ක්ලික් කර Options ක්ලික් කරන්න. දැන් එන වින්ඩෝවේ වම්පස ඇති Under the Hood ක්ලික් කරන්න. එහි Network යටතේ ඇති Change proxy Settings බට්න් එක ක්ලික් කරන්න. දැන් එන සංවාද කොටුවේ Connections ටැබ් එක ක්ලික් කරන්න. එහි පහළින්ම Local Area Network(LAN) settings : යටතේ ඇති LAN Settings... බට්න් එක ක්ලික් කරන්න. දැන් එන සංවාද කොටුවේ පහළ Proxy Server යටතේ ඇති checkbox එක ඇක්ටිව් කරන්න. දැන් එහි Address යටතේ 192.168.0.1 සහ Port යටතේ 808 අංකය ලබාදෙන්න. දැන් සංවාද කොටු දෙකම OK කරන්න. දැන් ඔන්න Chrome වලිනුත් Internet යන්න පුළුවන් :)

ඔන්න වැඩේ අවසන්.... අවශ්‍ය අය උත්සාහ කරලා බලන්න.